එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය ලකුණු 10කින් ජයලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.
රසී වැන්ඩර් ඩුස්සන් නොදැවී ලකුණු 94යි.
ඊට පිළිතුරු ලෙස එංගලන්තය රැස්කළේ කඩුලු 8ක් දැවී ලකුණු 179කි.
ඒ අනුව එම කාණ්ඩයෙන් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.
මෙම තරගයේ විශේෂිත සිදුවීමක් වූයේ එංගලන්ත අවසන් පන්දු ඕවරයේදී කගිසෝ රබාඩා පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි