දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා හට කොරෝනා වයිරසය වැළදි ඇති බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.
69 වන වියේ පසුවන දකුණු අප්‍රිකා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි එරට ජනාධිපති මන්දිරය තවදුරටත් සඳහන් කරන්නේ. හිටපු උප ජනාධිපති වරයෙකුගේ සැමරුම් උත්සවයකට සහභාගී වීමෙන් පසු ජනාධිපති සිරිල් රමපෝෂා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඉන් අනතුරුවයි ඔහුව ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.
එමෙන්ම ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවද සඳහන්. ජනාධිපති ධූරයේ සියලු වගකීම් උප ජනාධිපතිවරයාට පවරා ඇති බවද ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා. නව ඔමික්‍රෝන් ප්‍රභේදය පසුගියදා හඳුනා ගත්තේද දකුණු අප්‍රිකාවෙන්. ඒ වන විට එරට ජනතාවගෙන් විසිදහසකට පමණ එම ප්‍රභේදය ආසාදනය වී ඇති බවට අනුමාන කෙරෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි