ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා වුණා.
තරඟය ජොහැනස්බර්ග් හිදී ආරම්භ වූ අතර කාසිය වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 60ක් රැස්කළ අතර වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර පිළිවෙලින් ලකුණු 29ක් සහ 22ක් බැගින් රැස් කළා.
අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට පැමිණීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ඇන්රිච් නෝර්ට්ජේ ලකුණු 56කට කඩුලු 06ක් බිඳ දැමු අතර වියාන් මෝල්ඩර් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට