ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ ශරීරය තුළ පවතින වෛරස ප්‍රමාණය, මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව 300 ගුණයකින් වැඩි බව දකුණු කොරියාවේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
දකුණු කොරියාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය සඳහා වන ආයතනය සිදුකළ අධ්‍යයනයකින් මේ බව හෙළිවී ඇත.
වෛරස ප්‍රමාණය වැඩිවීම තුළින් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය බෝවීම වේගවත් වන බවත් රෝහල් ගතකිරීම් ඉහළ යන බවත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී තිබේ.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගය, මුල් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙන් දෙගුණයකි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්