දකුණු කොරියා‍වේ මඟී ගුවන් යානයක් බිහිසුණු අනතුරකට මුහුණ දෙයි

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

දකුණු කොරියා‍වේ මඟී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 124 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු කොරියානු බලධාරීන් දැනුම් දී ඇත. කෙසේවෙතත් මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

අදාළ ගුවන් යානය එරට Jeollanam-do පළාතේ පිහිටි Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගොඩබැස්වීමට යා‍මේ දී මෙම අනතුර සිදුව තිබුණේ, එරට වේලාවෙන් අද(29) උදෑසන කාලයේ දීයි. යානය ගොඩ බැස්වීමේ දී එහි වේගය පාලනය කර ගත නොහැකිව ධාවන පථයේ මංතීරු වෙතින් ඉවතට ගොස් ඒ ආසන්නයේ තිබූ තාප්පයක ගැටීමත් සමඟ යානය ගිනිගැනීම‍ට ලක්ව ඇත. දකුණු කොරියාවේ Jeju ගුවන් සමාගමට අයත් අංක 7C2216 සහිත එම ගුවන් යානය තායිලන්තයේ Bangkok නුවර සිට ගමන් ආරම්භ කර තිබුණි. එම අවස්ථාවේ මඟීන් 175දෙනෙක් සහ කාර්ය මණ්ඩල සේවකයෝ 6දෙනෙක් ගුවන් යානයේ රැඳී සිටියහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com