ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා පිලිපීනයේ කළ සංචාරයේ දී “චීන තර්ජනයට” මුහුණ දීම සඳහා ඇමරිකානු-පිලීපීන ආරක්ෂක ගිවිසුමට ඇමරිකාවේ ඇති කැපවීම නැවත අවධාරණය කර ඇත. මේ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක කර්නල් Zhang Xiaogang මහතාගෙන් ඊයේ(9)පැවති මාධ්‍ය හමුවේදී කළ විමසීමක දී සඳහන් කළේ, පිලිපීන පාර්ශ්වය චීනයට එරෙහිව නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සහ ප්රකෝපකාරී ක්‍රියා සිදු කර ඇති බවයි.
ඇමරිකාව ප්රමුඛ බාහිර රටවල් ආතතීන් ඇති කිරීම සහ ආයුධ සැපයීම මගින් දකුණු චීන මුහුද අස්ථාවර කිරීමට අඛණ්ඩව උත්සාහ දරා ඇත. කලාපය තුළ කරදර ඇති කිරීමේ ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය එමඟින් හෙළි වී තිබේ. පිලිපීන පාර්ශ්වය “මුහුදේ රළ ඇති කිරීමට විදේශ සහාය මත විශ්වාසය තැබීම” ප්‍රතිවිපාක දෙනු ඇති අතර, ඉත්තකු සේ පිලිපීනය භාවිත කර ඉවත දමනු ඇත.
යථාර්ථවාදී නොවන මිත්‍යාවන් අතහැර කඩිනමින් සංවාදයේ සහ සාකච්ඡාවේ නිවැරදි මාර්ගයට පැමිණෙන ලෙස පිලිපීන පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව Zhang Xiaogang මහතා පැවසීය.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි