“දකුණු චීන මුහුදේ බේරුම්කරණ නඩුවේ තීන්දුව යළි ප්‍රතික්ෂේප කිරීම” නමැති වාර්තාව නිකුත් කෙරේ.
චීනයේ Huayang සාගර පර්යේෂණ මධ්‍යස්ථානය, චීනයේ දකුණු චීන සමුද්‍ර පර්යේෂණ ආයතනය සහ චීන ජාත්‍යන්තර නීති සංගමය ඒකාබද්ධව සකස් කළ මෙම වාර්තාව අද (11) බෙයිජිංහිදී නිකුත් කර ඇත.
ඇතැම් රටවල් තවමත් එම නීති විරෝධී සහ වලංගු නොවන “දකුණු චීන මුහුදේ බේරුම්කරණ නඩුවේ තීන්දුව” අනුගමනය කරන බව එම වාර්තාව පෙන්නුම් කරයි. දකුණු චීන මුහුදේ ගැටළුවට අදාළ රටවල් සිය ඒකපාර්ශ්වික වැරදි උපායමාර්ගය ශක්තිමත් කිරීමේ උත්සාහය මෙන්ම ඇතැම් බාහිර බලවේග තත්ත්වය උග්‍ර කරමින් ආසියාන්-චීන සබඳතාවට හානි කිරීමේ කුමන්ත්‍රණය ඉන් පිළිබිඹු කෙරෙන බව ද පෙන්වා දෙයි.
එම බේරුම්කරණ නඩුව හා තීන්දුව කෙරෙහි චීනයේ ස්ථාවරය පිළිබඳව මෙම වාර්තාව යළි පැහැදිලි කර ඇත. මෙම නීති විරෝධී තීන්දුව චීන රජය පිළිනොගන්නා අතර, එම තීන්දුව මත පදනම් වන සියලු ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන බව ද අවධාරණය කර තිබේ.
“සාකච්ඡා මාර්ගයෙන් ආරවුල් විසඳීම, සමුද්‍රීය සහයෝගීතාව ඔස්සේ මතභේද පාලනය කිරීම සහ රීති ගොඩනැගීමෙන් අර්බුද කළමනාකරණය කිරීම” යන නිවැරදි මාවතට අදාළ රටවල් යොමු කිරීම එම වාර්තාවේ අරමුණ බව ද වාර්තා වෙයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්