ඇමරිකාව සහ පිලිපීනය අතර අලුතින් අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම මගින් දකුණු චීන මුහුදු කලාපය කෙරෙහි පිලිපීනයට ඇති ඇමරිකානු ආරක්ෂක කැපවීම ආවරණය කිරීම පිළිබිඹු කෙරෙන බවට මාධ්‍ය වාර්තා පළ කර ඇත.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, ඕනෑම රටක් ද්විපාර්ශ්වික ගිවිසුම්වලට මුවා වී දකුණු චීන මුහුදේ ගැටලුවට මැදිහත් වීමට මෙන්ම, චීනයේ භෞමික ස්වෛරීත්වයට සහ සමුද්‍රීය අයිතීන්ට හා අවශ්‍යතාවලට හානි කිරීමට, චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි.
දකුණු චීන මුහුද විදේශ බලවේගවල දඩයම් බිමක් නොවිය යුතු ය. දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය සඳහා යතුර කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තුළ පවතී. අදාළ රටවල්හි මතභේද විසඳා ගැනීමේ මූලික අයිතිය ස්ථිර ව සියතට ගත යුතු බව, Mao Ning මහත්මිය අවධාරණය කළා ය.
දකුණු චීන මුහුද විදේශ බලවේගවල දඩ බිමක් නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්