නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් කළමනාකරණ කිරීම සහ ඔහුන්ට තොරතුරු ලබාදීම සඳහා ආරම්භ කළ 1904 කෙටි පණිවුඩ සේවාව අද (02) සිට දකුණු පළාතටත් හඳුන්වා දී තිබේ.
කොවිඩ් -19 රෝගීන් වෙනුවෙන් 1904 කෙටි පණිවුඩ සේවාව මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පළාත සඳහා ය.
ඒ අනුව අද (02) සිට එය දකුණු පළාත තුළද ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි.
ඒ අනුව කොවිඩ් රෝගය ආසාදනයවීමෙන් ශ්වසන අපහසුතා මෙන්ම සංකූලතා සහිත රෝගීන් කඩිනමින් රෝහල් වෙත යොමු කිරීම, අනෙකුත් රෝග ලක්ෂණ ඇති රෝගීන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස් තුළ කළමනාකරණය කිරීම මෙහිදී සිදු කෙරෙන බව සඳහන්ය.
දකුණු පළාතේ කොවිඩ් ආසාදනයට ලක්වන පුද්ගලයින් තමා හට ඇති රෝග ලක්ෂණ අනුව ඒ බව සඳහන් කරමින් තම උපන්දිනය හා ලිපිනය ඇතුළත් කර 1904 අංකයට කෙටි පණිවුඩය යොමු කළ යුතුය.
ඒ අනුව ශ්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා පවතින්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් A අකුරත්, උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් B අකුරත්, රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් ඉංග්‍රීසි භාෂාවෙන් C අකුරත් සඳහන් කළ යුතුවෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්