2022 වර්ෂයට අදාළව දඹුල්ල මහනගර සභා සීමාවේ බදු අය කිරීම සංශෝධනය කරමින් අද (02) දිනයේ පත්රිකාවක් ඉදිරිපත් කර තිබේ.
දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම අද පෙරවරුවේ පැවැති අතර එහිදී දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් මෙම පත්රිකාව ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් එහි ඇතුළත් සුනඛ බද්දක් අය කිරීමේ කරුණක් පිළිබඳව නාගරික මන්ත්රිවරුන් අතර කථාබහක් මතු වී ඇත.
එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහනගර සභා සීමාවේ ග්රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස්වල ඇති කරනු ලබන සුනඛයින් සඳහා එලෙස බදු මුදලක් අයකර එය ජනවාරි 31වනදා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් එහි ඇතුළත්ව තිබූ බවයි වාර්තා වූයේ.
“අද දෙරණ” මේ පිළිබඳව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,
“ඒක අපේ පනතෙ තියෙන කරුණක්. බලු බද්දක් තිබ්බට ඒක අය කරන්නේ නෑ. ඇත්තටම අපි සියලු බදු අඩු කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ,” යනුවෙනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්