දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් හිමිකර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් රැස්කළේය.
පන්දු යැවීමේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් තාහීර් කඩුලු 3 දවාගත් අතර ජෝෂ් ලිට්ල් කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 14ක් තුළ කඩුලු 5ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 125ක් පමණි.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 51ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ස්මිත් පටෙල් සහ ඉසුරු උදාන කඩුලු 2ක බැගින් දවාගත්හ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි