ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 110ක් පමණි.
එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු ය. ඔහු ලකුණු 23යි.
පන්දු යැවීමෙන් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් හිමිකර ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු ඕවර 12.3කදී කඩුලු 2ක් පමණක් දැවී (ලකුණු 114) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන ලබාගත්තේය.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් ලබාගත් අතර ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ටොම් කෝලර් කැඩ්මෝර් (නොදැවී 45) සහ ෂොයිබ් මලික් (නොදැවී 26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් දඹුල්ල ක්‍රීඩකයින්ව අසරණ කළහ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි