ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වන තරගය ලෙස දඹුල්ල – වයිකිංග් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති තරඟය ජය ගන්නට වයිකිංග් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් මෙම තරඟය ජය ගත්තේ ලකුණු 09කින්.
ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් පිළ තරඟාවලියේ පිට පිට ලැබූ 05වන පරාජයද මෙය වනවා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී 207 ක් රැස් කළා.
උපුල් තරංග ලකුණු 70ක් ලබා ගත් අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 60ක් එහිදී ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 198ක් පමණයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග