දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණ 4කින් ජයග්‍රහණය කළා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළා. එහිදී නායක දසුන් ශානක පන්දු 37කදී වේගවත් ලකුණු 73ක් රැස් කළා.
ලකුණු 196 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි ටස්කස් කණ්ඩායම ඉනිම අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ වන විට කැන්ඩි ටස්කස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කට මුහුණ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන තිබුනා.
කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දමන විට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 4ක් ඉදිරියෙන් සිටියා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි