ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර තිබේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඊයේ (05) රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කර ඇති බවයි. දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිත තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්