ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික) ජෙනරාල් දයා රත්නායක එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ඔහු කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කර තිබෙන බවයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ජෙනරාල් දයා රත්නායකගෙන් පුරප්පාඩු වූ වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොල පත්කර ඇති බව සඳහන්. ඔහු මිට ඉහතදී වරාය අධිකාරියේ හාබර් මාස්ටර් ලෙස සේවය කර විශ්‍රාම ගත් අයෙක්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්