දරුවන් 18 දෙනෙකු දැයට දායාද කළ මවකට වැඩිහිටි දිනය දා උපහාර

”වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කරගත් ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදි තිබේ.

මෙරට වැඩිහිටි දිනය සමරා පැවති ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිම දරුවන් සිටින මව්වරුන් පිදීම, ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම සිදු වුවා.

එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙකු දැයට දායාද කළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම්. මැණික්හාමි මාතාව සෞඛ්‍ය අමාත්‍යවරිය ඇගයීමට කල්කරනු ලැබුවේ විශේෂ තිලිණයක්ද පිරිනමමිනි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com