දරුවන් මුදලට විකිණිමේ ජාවාරමක තොරතුරු පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදු කරනු ලැබු දීර්ඝ විමර්ශණයකින් අනතුරුවයි.
ගැබිනි මව්වරුන් ගිවිසුමකට ඇතුලත් කර අන්තර්ජාලය මගින් ඔවුන්ගේ දරුවන් වෙනත් පාර්ශව සදහා මෙලෙස අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
දරුවන් 30 දෙනෙකු පමණ අලෙවි කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සදහන් කළා.
දරුවන් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ මෙම සැකකරු මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.
ඔහු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ