කැලිෆෝනියාවේ කාන්තාවක් කඳුකර සිංහයෙකුගේ ප්‍රහාරයකින් තම පස් හැවිරිදි පුතුව බේරාගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ලොස් ඇන්ජලීස් නගරයට බටහිර දෙසින් සැන්ටා මොනිකා කඳුකරයේ නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී මෙම පිරිමි ළමයා වෙතට සිංහයා පැන තිබෙනවා
සිංහයා විසින් දරුවා නිවස ඉදිරිපිටින් ඇදගෙන ගොස් ඇති අතර දරුවාගේ මව දුව ගොස් තම පුතාව අත් හරින තුරු සිංහයාට ඇගේ අත් දෙකෙන්ම පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ
පසුව වනජීවි බලධාරීන් විසින් මෙම සත්ත්වයා සොයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා
පිරිමි ළමයාගේ හිසට සහ ශරීරයට තුවාල සිදුවී තිබෙන අතර ලොස් ඇන්ජලීස්හි රෝහලක සුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි