පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් දශකයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අද(28) සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ විරාට් කෝලි.
දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දශකයේ 20යි 20 ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තා .


දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු ක්‍රීඩකයා ලෙස ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සම්මානයෙන් පිදුම් ලැබුවා . මේ අතර, දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව, එක්දින සහ 20යි 20 ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ Ellyse Perry සම්මානයට පාත්‍ර වුණා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි