රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් නොමැති වීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ ඉල්ලුම්පත් දස ලක්ෂයට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබේ.
නව රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ සහ කල්පැනගිය බලපත් අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති ඉල්ලුම්පත් මෙලෙස ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගන්නා සුහුරු කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා යූරෝ හයලක්ෂයක මුදල් ගෙවීමට අවශ්‍ය විදෙස් විනිමය මහ බැංකුවේ නොමැති වීමෙන් මාස කිහිපයක සිටම රියැදුරු බලපත්‍ර මුද්‍රණය අඩාළ වී තිබේ.
මේ හේතුවෙන් රියැරු බලපත් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් වසරකට වලංගු තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල සේවා කළමනාකාරී වැඩපිළිවෙළකින් තොර වීම මත දහස් සංඛ්‍යාත පිරිසක් දින වේලා වෙන්කර ගනිමින් කොළඹට පැමිණීමෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ දැඩි කාර්යබහුල තත්ත්වයක් පවතින බව එම කාර්යාලවල සේවකයෝ සඳහන් කරති.
දිස්ත්‍රික් කාර්යාල කටයුතු දින වේලා වෙන්කර ගැනීම හරහා සිදුකරන නමුත් රිය බලපත් වලට හා පැවරුම්වලට අදාළ වැඩ කටයුතු දිස්ත්‍රික් කාර්යාලවලින් කාර්යක්ෂමව ඉටු නොවීම ඊට හේතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්ගෙන් අරුණ කළ විමසුමකදී කියා සිටියේ රියැදුරු බලපත් මුද්‍රණ කාඩ්පත් නොමැති වීම නිසා දස ලක්ෂයකට අධික ඉල්ලුම්පත් ගොඩගැසී තිබීම සත්‍යක් බවය. ඒ වෙනුවෙන් තාවකාලික බලපත්‍ර වසරකට වලංගු වන පරිදි කඩිනමින් ලබා දෙන බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්