සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමඟ ඊයේ පැවති විස්සයි විස්ස ක‍්‍රිකට් තරඟය කඩුළු 4 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තෙක්ම උණුසුම්ව පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන්නේ කාසියේ වාසිය දිනූ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.
ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176 ක්.
පන්දුයැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබඳතාව ලකුණු 25 කට සීමා වූයේ ධණුෂ්ක ගුණතිලක ලකුණු 15 කට දැවී යාමත් සමඟයි.
කෙසේවෙතත් පැතුම් නිස්සංක හා චරිත් අසලංක දෙවන කඩුල්ල සඳහා ලකුණු 42 ක සබඳතාවක් ගොඩනගමින් පිළිවෙලින් ලකුණු 27 ක් සහ 26 ක් රැස් කිරීමට සමත් වුණා.
පසුව මැදපෙල කඩුළු බිඳ වැටීම හමුවේ තරමක් ආරක්ෂාකාරී හා මන්දගාමී පිතිකරණයක නියැලූනු ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා තරඟයේ අවසන් පන්දුවාර 3 තුළ රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 59 ක්.
නායක දසුන් ශානක එහිදී සමස්ත තරගාවලිය පුරා විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඞ්ගේ 18 වැනි පන්දුවාරයේදී ලකුණු 22 ක් ලබාගනිමින් ශ‍්‍රී ලංකාව නැවතත් ජය මාවතට කැ`දවාගත්තා.
විශිෂ්ඨ පිතිහරඹයක නියැලෙමින් නායක දසුන් ශානක පන්දු 25 ක දී හයේ පහර 4 ක් හා 4 පහර 5 ක් සමග ලකුණු 54 ක් ලබාගනිමින් තරගය ජයග‍්‍රහණය කිරීමට සමත් වුණා.
තරගයේ වීරයා දසුන් ශානක.
කෙසේ වෙතත් පළමු තරග 2 ම ජයගත් ඕස්ටේ‍්‍රලියාව තරගාවලියේ ජය හිමිකරගත්තා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්