ශ්රි ලංකා 20-20 ක්රිකට් කණ්ඩායමේ නායක ලෙස පත්කළ දසුන් ශානක හට පසුගියදා ශ්රි ලංකා කණ්ඩායම සමඟින් කැරබියන් දූපත් හි ඇන්ටිගුවා වෙත පිටත් වීමට නොහැකි වුණා.
ඒ වීසා බලපත්රයේ ඇතිවූ ගැටළුවක් හේතුවෙන්.
ඒ අනුව නායකත්වයේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවරුණු අතර 20-20 තරගාවලියටම එක්වීමට දසුන්ට නොහැකි වුණා. කෙසේ වෙතත් එක්දින තරගාවලිය සඳහා එක්වීමට දසුන් ශානක එළැඹෙන ඉරිදා ප්රංශය හරහා කොදෙව් දේශය බලා පිටත්ව යන බවයි ශ්රි ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්