ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ට ලැබුණු පළමු එන්නතම ලබාගත් බවත්, ක්‍රිකට් ලෝලීන්ද එසේම කරනු ඇතැයි විශ්වාස බවත් එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබේ.
‘අපට ලැබුණු පළමු එන්නතම අපි එන්නත් කළෙමු. සියලුම තරුණ ක්‍රීඩා ලෝලීන්ද එසේම කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.’යි යනුවෙන් එහි සඳහන් විය.
වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් කොවිඩ් එන්නත ලබා ගැනීමේ යම් අඩු මට්ටමක් පවතින මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මෙවැනි පණිවුඩයක් ලබා දී තිබීම විශේෂත්වයක් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි