දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමිමේ සිද්දියට සම්බන්ධ මසකට ආසන්න කාලයක් සැගවි සිටි සැකකරු පොලිසිය මගින් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කේ.කේ.ඩී.කේ.ප්‍රේමදාස මහතා වෙත යොමු කිරීමෙන් පසු රෝහල් ගත කිරීමට පොලීසියට නියෝග කෙරුණි.
මෙසේ රෝහල් ගත කෙරුණේ පුත්තලම පාලවිය පෙරියකුලම පදිංචිව සිටි ලොමු මුදියන්සේලාගේ සිමියොන් ඇලෝසියස් නැමති 41 හැවිරිදි විවාහකයකු බව කියයි.
අදාල සැකකරු දස හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට ලක්ව සිටි අතර, මොහු මසකට ආසන්න කාලයක් විවිධ ප්‍රදේශවල සැගව සිටි අතර, ඊයේ (15) සවස අදාල සැකකරු පාලවිය ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් හදුනාගෙන පුත්තලම මූලස්ථාන පොලිසියට භාර දී තිබුණි.
මෙම සැකකරු පුත්තලම මූලික රෝහලේ සහකාර අධිරණ වෛද්‍ය නිලධාරි වෙත අද (16) දින දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු තමන් පසුගිය ජුලි 16 දින පුත්තලම ආසිරිගම ප්‍රදේශයේ පොල් වත්තක සිය මව සමග සිටි දස හැවිරිදි සෙනුරි සේපාලිකා වාසල නැමති දැරිය අවස්ථා කිහිපයක් දූෂණයට ලක් කල බව පාපෝච්චාරණය කිරීම සිදුවිනි.
අදාල සැකකරු දූෂණයට ලක් කර මරා දැමූ දැරියගේ මව සමග මාස දහයකට ආසන්න කාලයක් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරතුරදී මෙම දැරියට සැකකරුගේ ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශණ පෙන්වමින් අතවර කර ඇති බවද පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ජංගම දුරකථනය දැරිය රැදී සිටි නිවසේ කාමරයක් තුළ තිබී අද (16) දින පොලිසිය සොයාගෙන තිබුණි.
දැරියගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණයේදී සනාථව තිබුණේ බරපතල ලිංගික දුෂණයකට ලක්කිරිමේන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමෙන් මරණයට පත්වි තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුන සැකකරු අධිකරණ වෛද්‍ය නිළධාරි වරයාගේ උපදෙස් මත රෝහල් ගත කර තිබුණි.
සිද්ධිය සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂඛ ඩබ්ලිව්.ආර්.ඒ.චන්ද්‍රසිරි ලාල් මහතාගේ උපදෙස් මත අපරාධ පරික්ෂක අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.ඒ. වන්නිආරච්චි පොලිස් සැරයනවරුන් වන (13641) රූපසිංහ, (40577) ලාල්, (15782) කුලරත්න, පොලිස් කොස්තාපල්වරුන්වන (75623) හේරත්, (76234) ජයතිලක, (79946) ඒකනායක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබුණි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ