කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා.
මෙම ස්මාරකය නැරඹීම සඳහා දිනකදී ඇතුළු කර ගන්නා සංඛ්‍යාව 5000කට සීමා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ඇතැම් දිනවල එය නැරඹූ සංඛ්‍යාව 80,000කට අධිකයි.
නැවත විවෘත වන ටාජ් මහල නැරඹීම සඳහා මුව ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය වන අතර, සමාජ දුරස්ථභාවය ද පවත්වා ගත යුතු වනවා.
ෂා – ජහාන්, මෝගල් අධිරාජ්‍යයා මියගිය සිය බිරිඳ වෙනුවෙන් 17 වන සියවසේ ඉදිකළ කිරිගරුඩෙන් තැනූ ටාජ් මහල වසර 22ක ප්‍රයත්නයකින් පසු ඉදිකළා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්