මහනුවර ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද(20) අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි.
එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙනි. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ.
අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන එන කප පුද පූජා පවත්වා දර්ශනීය පෙරහැරකින් මහනුවර විෂ්ණු මහා දේවාලය වෙත අනතුරුව වැඩමකරන අතර, එය අද සවස සුබ මොහොතින් කපා සිව්මහා දේවාල වෙත ලබාදීමට නියමිතය.
අනතුරුව හෙට(21) දින කප් සිටුවා, දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ කිරීමේ චාරිත්‍ර සිදු කෙරේ.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ