ද්විත්ව පුරවැසිභාවය වගන්තියට පක්ෂව ජන්දය භාවිත කළ මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පියවර ගත්තේය.
ඒ, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා කළ යෝජනාවකට අනුවය.
රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් අද (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී ඔහුව පලවා හැරීමට කටයුතු කර ඇත.
විසිවන සංශෝධනයට අදාලව ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට පක්ෂව ජන්දය භාවිත කළ මුෂාරෆ් මන්ත්‍රීවරයාට සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉඩනොදිය යුතු බවට යෝජනා කර ඇත්තේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් ය.
එහිදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කිරීමත් සමග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මුෂාරෆ් මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මුෂාරෆ් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය යටතේ දිගාමඩුල්ලට තරග කළ අයෙකි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්