ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට අදාළ තත්ත්වයන් සැකසීම වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එම සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්යක්ෂ, විදේශ අමාත්‍ය වං යී මහතා ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමග රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී සිදු කළ සාකච්ඡාවේදී මෙම එකඟතාව පළවිය.
බ්‍රික්ස් සංවිධානයේ ආරක්ෂක කරුණු පිළිබඳ වගකීම් භාර උසස් මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමට පරිබාහිරව මෙම සාකච්ඡාව පැවැත්විණ. දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑත කාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ඔවුහූ අදහස් හුවමාරු කර ගත්හ. චීන ඉන්දීය සබඳාතාවන්හී ස්ථාවරත්වය මූලධර්මීය වශයෙන් මෙන්ම දෙරට ජනතාවගේ දිගු කාලීන අභිලාෂයන් හා කලාපීය සාමය හා සංවර්ධනයට වැදගත් බව දෙපාර්ශ්වයේ විශ්වාසය වී තිබේ.
දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය හා ඉන්දියාව එකඟවී තිබේ. අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය, අඛණ්ඩ සංනිවේදනයක් පවත්වා ගැනීම හා ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමට ද එහිදී එකඟතාව පළවිය.
එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ වං යී මහතා කුණාටු සහගත ලෝකයේ නැගෙනහිර ශිෂ්ටාචාරයන් දෙකක් ලෙසට හා වර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් ලෙසට චීනය හා ඉන්දියාව ස්වාධීනත්වයේ එල්බ සිටිමින් එකමුතු බව හා සහයෝගීත්වය තෝරා ගනිමින් එකිනෙකාට හානි නොකර ගත යුතු බව පැවසීය. දෙපාර්ශ්වය අතර ඇති වෙනස්කම් වඩාත් ප්‍රායෝගික ලෙස හසුරුවා ගනිමින් චීන ඉන්දීය සබඳතා යළි වරක් යහපත්, ස්ථාවර, උචිච සංවර්ධන මාවතන ගෙන ඒමට සුදුසු මාවත තෝරා ගත යුතු යැයිද වං යී මහතා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පැවසුවේ ඉන්දියාව හා චීනය ස්වකීය හා පොදු සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවයි. බිලියන 2.8 ක දෙරට ජනතාවගේ වේගවත් සංවර්ධනය ලෝකය වෙනස් කිරීමට හේතුවනු ඇතැයි ද හෙතෙම කීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි