ප්‍රංශය සහ සෞදි අරාබිය “ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම සඳහා ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීම චීනය අගය කරන බව එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. මෙම සමුළුව “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
” ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය දා (09) පැවති ජාත්‍යන්තර සමුළුවක නිල නොවන සාකච්ඡාවකට එක්වෙමින් Geng Shuang මහතා ප්‍රකාශ කළේ පලස්තීන-ඊශ්‍රායල ගැටළුව විසඳීමට ඇති එකම මාර්ගය ” ද්වි-රාජ්‍ය විසඳුම ” බවයි. ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි ජාතික අයිතියක් වන අතර එමගින් පමණක් පලස්තීන-ඊශ්‍රායල ගැටුම සාමකාමීව විසඳා ගත හැකි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
වත්මන් ගැටුම අවසන් කිරීම යනු, දිගුකාලීන සැලසුමක් හා තිරසර සාමය උදාකරලීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ පූර්විකාව බවත්, ගාසා තීරයේ සටන් විරාමය ප්‍රවර්ධනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රමුඛ කාර්යය විය යුතු බවත් Geng Shuang මහතා එහිදී අවධාරණය කළේය.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට