මෙරට මේ වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශයක් සිදු කර තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව දැනට රට තුළ ඩීසල් තොග මෙට්‍රික් ටොන් 17,077ක් ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක් ද පවතින බව එහි සඳහන් වේ.
පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 37,391ක් ද පෙට්‍රල් 95 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 6,142ක් සහ ‘ජෙට් ඒ 1’ මෙට්‍රික් ටොන් 2,437කි.
හෙට (29) දිනයේ දී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක