ඔස්ට්‍රේලියාවේ දී සිව් හැවිරිදි දැරිවියක් ව පැහැරගත් බවට චෝදනා එල්ලවන පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර තුවාල සිදුකරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ඔහුගේ තුවාල එතරම් දරුණු ඒවා නොවන බව පොලිස් නිලධාරීන් පැවසීය. නමුත් ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.
36 හැවිරිදි එම පුද්ගලයාව ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබීය.
ක්ලියෝ ස්මිත් නම් දැරියව, සිය පවුලේ සාමාජිකයින් සමග කුඩාරමක නිදා සිටින විට මීට දින 18කට පමණ පෙර පැහැරගෙන ගොස් තිබුණි.
පසුව එම දැරියව සොයා ඔස්ට්‍රේලියාව පුරා මෙහෙයුමක් ඇරඹිණි.
අනතුරුව එම දැරිය අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝ මීටර් 48කට පමණ දුරින් පිහිටි බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රදේශයක් වන කානර්වොන් නම් ප්‍රදේශයේ නිවසක කාමරයක රඳවා සිටියදී සොයා ගැනිණි.
එම දැරිවිය ව පැහැරගත්තේ කුමක් නිසාද යන්න මෙතෙක් සැකකරු විසින් පවසා නොමැත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි