අවුරුදු 13ත් 18ත් අතර වයසේ පසුවන දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය ලබා නොදීමට ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය තීරණය කර ඇති බව වාර්තා වේ.
එම වයස් කාණ්ඩයේ සිසුන් සහභාගී වන ද්විතීයික පන්ති සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව තලෙබාන් පාලනය නිවේදනය කර ඇති අතර එහිදී පිරිමි ළමුන් සහ ගුරුවරුන් පමණක් පාසල් වෙත කැඳවීමට ඔවුන් තීරණය කර ඇත.
සිසුවියන් හෝ ගුරුවරියන් සඳහා එම කැඳවීම සිදුකර නොමැත.
කෙසේවෙතත් මෙවැනි තීන්දු හරහා තලෙබාන් පාලනය 1990 වකවානුවේ ක්‍රියාත්මක කළ දරුණු පාලනයට ඇෆ්ගනිස්තානය යළි රැගෙන යනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වාදෙයි.
2001 වසරේ ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය අවසන් වීමත් සමඟ කාන්තාවන් හා දැරියන් පාසල් අධ්‍යාපනයට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් හා සාක්ෂරතාවයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබුණි.
ගතවූ දශක දෙක තුළ දැරියන් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමුවීම ශූන්‍ය අගයක සිට මිලියන 2.5ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි