මහනුවර දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව අද තවත් සුළු භු චලනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 5.41 ට පමණ එම කමපනය සිදුව ඇති බවයි.
පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල එය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙසයි.
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව කෙටි කාලයක් තුළ මෙවැනි සුළු භූ කම්පන 06 ක් පමණ සිදුව තිබෙනවා.
එම භූ කම්පන හටගැනීම සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මේ දක්වාත් ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග