අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිඩකයෙකු ඉනිමකදි රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරිමට යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් අද (26) සමත් වුණා.
පන්දු 391 කදී වාර්තා වුණු චන්දිමාල්ගේ නොබිඳුණු ලකුණු 354 ක ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 33 කින් වර්ණවත් විය.
චන්දිමාල් විසින් අද(26) බිඳ හෙළන ලද්දේ 2015 වසරේදී ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ, ගුවන් හමුදා පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 351 ක ඉනිම විය.
චන්දිමාල්ගේ සුවිශේෂී ත්‍රිත්ව ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වාර්තා වුණු 10 වැනි ත්‍රිත්ව ශතකය වුණු අතර එය පළමු පෙළ තරග අතර ලැයිස්තු ගත කිරීමේදී මහේල ජයවර්ධන විසින් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ SSC පිටියේදී රැස් කරන ලද ලකුණු 374 ට පමණක් දෙවැනි වේ.
පළමු පෙළ තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වුණු මෙම සුවිශේෂී ඉනිමත් සමඟ මෙවර තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා බවට පත්වීමට චන්දිමාල්ට අවස්ථාව උදාවිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්