මෙරට ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවා ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභාශිංසන එක් කළා.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද සුබ පැතුම් එක්කර තිබුනේ මෙලෙසින්.
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා.
හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වේදී මීටර් 67.79 ක් වාර්තා කරමින් පිහිටවු මෙම නව ලෝක වාර්තාව හා ලැබු රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකියි.
ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම මෙම ලෝක පරිමාණයේ ජයග්‍රහණය ගැන ආඩම්බර විය හැකියි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්