කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ, මෙම ගිවිසුම සඳහා විරෝධය පළ කරමින් වැඩවර්ජනයක් සඳහා යොමු වන බවත් ඒ හේතුවෙන් දින දෙකක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බවයි.
ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පළ කළා.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්