නත්තල් දිනය සහ එළඹෙන 29 වන දිනට යෙදී ඇත් උදුවප් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් දින දෙකක් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට දිනයේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් බලපත්ර සහිත හෝටල බලපත්ර හා විශේෂ බලපත්ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම මත්පැන් හල් වසා තැබිමට නියමිතයි.
උදුවප් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් වර්ගීකරණයකින් තොරව දිවයිනපුරා පිහිටි මත්පැන් හල් වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ.
එම නියෝග කඩ කරන මත්පැන් අලෙවි සැල් හිමියන්ට එරෙහිව නඩු පවරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්රකාශ කලා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව