මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ බිලිදා මීගමුව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 18 වෙනිදා මිය ගොස් ඇති බවත් පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී බිළිඳාට කොවිඩ් බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.
මියගිය බිළිඳාගේ මව සහ පියා ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කළ බවත් එම පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි .
මියගිය බිළිඳාගේ මව පියා ඇතුළු පවුලේ උදවිය නිවෙස තුළම අද (19 වෙනිදා) නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්