විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ ලබාදුන් වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක වෙයි.
මෙරටට විදේශිකයෙකු පැමිණීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කර ඇත.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්