පාර්ලිමේන්තු මාර්ගයේ, පොල්දුව පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (10) උදෑසන සොයා ගෙන තිබේ.
“අද දෙරණ“වාර්තාකරු පවසා සිටියේ, වයස අවුරුදු 50ක පමණ පිරිමි මළ සිරුරක් මෙලෙස හමු වී ඇති බවය.
බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව‘ පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත.
එම පුද්ගලයා ජලයට වැටී ගසා ගෙන විත් එම ස්ථානයේ රැඳී ඇත්දැයි හෝ ඝාතනය කිරීමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට