නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රුපියල් 260 කට පැවැති දියර කිරි ලීටරයක මිල මාසයක කාලයක දී රුපියල් 300 ක් දක්වා මෙසේ වැඩිවී තිබේ.
පෞද්ගලික කිරිපිටි සමාගම් දියර කිරි මිල ගණන් සිය අභිමතය පරිදි ඉහළ දමන බව වෙළෙන්දෝ පවසති.
ගොවීන්ගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු එළකිරි මිලදී ගනු ලැබූවත්,කර්මාන්තශාලා තුළ දී ඒවාට ජලය මුසු කර තත්ත්වය බාලකර වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බව ද පැවසේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක