කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ඉන්පසු නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතා කළ හැක්කේ දිරාපත් වන ජෛව හායනික :ඊසදාැටර්ා්ඉකැ* ලන්ච්ෂීට් පමණක් බව ද සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම ඒවා තවදුරටත් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කරන බවත්, කිසියම් අයෙක් නියෝග නොතකා ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදුකළොත් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීවේය.
මෙරට දෛනික ලන්ච්ෂීට් භාවිතය මේ වන විට මිලියන 12-15 දක්වා ඉහළ ගොස් ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙළිකරගෙන ඇතැයි කී ඇමතිවරයා ඉන් සියයට 99ක්ම ප්රතිචකරණකරණය නොකර පරිසරයට මුදා හැරීම සිදුවන බව ද කීවේය.
ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය මේ වන විට කර්මාන්තශාලා 10ක් මගින් සිදු කරන අතර ඔවුන් නොදිරන ලන්ච්ෂීට් නිෂ්පාදනය කළහොත් බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බවත්, ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි ආයතන සඳහා පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදන වර්ග 08ක් තහනම් කිරිමේ ලැයිස්තුවක් ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අද (14) අත්සන් තැබූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වරක් භාවිතා කර ඉවතලන බීම බට හා කළතන, තනි භාවිත ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි, පරිමාව 400ඞ 500 ට වඩා අඩු සිලි සිලි බෑග් (සාප්පු බෑග්), ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, යොදා සුවඳකූරු හා පහන්තිර ඇසුරුම් කරන පොලිතින් පැකට්, ප්ලාස්ටික් මල්මාලා, කෝප්ප ආදිය එයට ඇතුළත් බව ද ඇමතිවරයා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්