ඉන්දියාවේ දිල්ලි නගරයෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව සියයට 36 කින් පමණ ඉහළ ගොස් ඇති බව මහඇමති අර්වින්ද් කේජ්රිවාල් පවසනවා.
උත්සව සමය තුළදී මෙලෙස දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බවයි මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ. අත්‍යාවශ්‍යම කාරණාවකට හැර තම නිවෙස්වලින් පිටතට යෑමෙන් වළකින ලෙස ඔහු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මුඛ ආවරණ පැළදීම හා වෛරසයට එරෙහි එන්නත් ලබා ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මහඇමතිවරයා ප්‍රකාශ කළා.
ගතවූ පැය 24 ට පමණක් දිල්ලි ප්‍රාන්තයෙන් පමණක් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1800 කට ආසන්නයි. මාස 7 කට පසු දිල්ලි ප්‍රාන්තයෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වනවා.
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු