නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනි.
කෙජ්රිවාල් නායකත්වය දෙන්නේ ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂයටය. දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘ආම් ආද්මී’ පක්ෂයයි.
මේ වනවිට ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් යළි වැඩිවීමට පටන්ගෙන ඇත. වැඩිම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ නවදිල්ලි අගනුවරිනි.
නවදිල්ලි අගනුවර රෝහල් ද මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී යමින් පවතින බව වාර්තා වේ. ඉන්දියාවේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉන්දියාව තුළ වැඩිම ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තා වන්නේ ද නවදිල්ලි අගනුවරිනි.
සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් තමන් ‘කොරෝනා’ පරීක්ෂණයකට යොමු වුණු බවත්, එහිදී තමන් ආසාදිතයකු බව තහවුරු වුණු බවත් අරවින්ද් කෙජ්රිවාල් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත.
මහ ඇමැතිවරයාට ඇත්තේ සුළු රෝගී තත්ත්වයක් බවත් ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වුණු අයකු බවත් දිල්ලි සෞඛ්‍ය බලධාරීහු පවසති.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය