රිය අනතුරක් සම්බන්ධයෙන් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සමගි ජන බලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් (14) අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම නගරය හරහා හයිලෙවල් මාර්ගයේ යමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ගමන්ගත් මෝටර් රථයට සුළු හානි සිදුව ඇති බවත් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්