දිවයින පුරා ක්‍රියාත්මක වු ඇඳිරිනීතිය අද (04) පෙරවරු 6.00ට ඉවත් කෙරුණි.
පසුගිය සෙනසුරාදා පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි එම ඇඳිරිනීතිය පනවා තිබුණි.
සාමය, ජනජීවිතය මහජන සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් ඇඳිරිනීතිය පැනවු බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සියලු ප්‍රවාහන කටයුතු අද උදෑසන 6.00 සිට ආරම්භ කර තිබේ.
අද උදෑසන 6.00 සිට සැලසුම් කළ පරිදි සියලු දුම්රියන් මේ වන විට ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අද දිනයේ සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට