කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල අන්තර් පළාත් බස් සේවාවන් අද සිට ආරම්භ කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී මෙම පියවර ගත් බවයි.
දුම්රිය සහ බස්රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති අතර ගමන් ගන්නා සියලු දෙනා මුව ආවරණ පැළඳ ගමන් කළ යුතු වනවා.
පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර අද (8) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ලබාදෙන උපදෙස් අනුව මතුවන ගැටලු මගහරවමින් ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
පෞද්ගලික බස් රථ හිමියන්ට යම් පාඩුවක් සිදුවන්නේ නම් අවශ්‍ය සහන ලබාදීමට ඉදිරියේ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
අද සිට සියලුම කාර්යාල දුම්රියත් දුරගමන් සේවා දුම්රියත් ක්‍රියාත්මක වන බව දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළා.
මේ අතර බස්නාහිර පළාතේ අද සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකවේ. ඒ, අලුතින් පටන්ගමු – මහමග විනය ඇති කරමු යන තේමාව යටතේයි.
රථ වාහන කොට්ඨාශස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන 22 වැනි දා දක්වා ඒ පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති