අදින් ආරම්භ වන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දි තිබෙනවා.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාර විභාග අවසන්ව ඇති බැවින් හයේ සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් ද පාසල් වෙත කැඳවීමට අවසර හිමි නොවන බවයි.
බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණක් බවයි ඔහු කියාසිටියේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට