දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාතය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට මුදා හැර තිබෙනවා.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් මිලියන 2992 ක මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
පැමිණිලි පාර්ශවය විසින් සිදු කළ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් අධිචෝදනා වල සදහන් වන ආකාරයට වරදක් සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැදවා අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 200 (1) වගන්තිය ප්රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනා ගේ නීතිඥවරුන් ඉල්ලා සිටියා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග